රාජාංගනය ගොවි ජනපදයේ කොටසක් වන අංගමුව යාය 06 ගම්මානය මෙම ප්රදේශයේ පාරම්පරික ජනතාවගෙන් මෙන්ම, විවිධ ප්රදේශ වලින් පැමිණ පදිංචි වූ ජනතාවගෙන්ද සංකලනය වූ ප්රදේශයකි.
බහුතරයක් ජනතාවගේ ප්රධාන ජීවනෝපායන මාර්ගය ගොවිතැන වන අතර වැව් ආශ්රිතව ධීවර කර්මාන්තය ද, විවිධ ස්වයං රැකියා මෙන්ම රජයේ හා පෞද්ගලික අංශයේ රැකියා වල නිරත වූවන් ද මෙහි ජීවත් වේ.
රාජාංගනය ගොවි ජනපදය රාජාංගනය ජලාශයෙන් හා අංගමුව ජලාශයෙන් පෝෂණය වන අතර යල සහ මහ යන කන්න දෙකම වගා කළ හැකි ප්රදේශයකි.
ආඬිගල රජමහා විහාරය අංගමුව ප්රදේශයේ පවතින පෞරාණීක නටඹුන් සහිත ආගමික ස්ථානයක් වන අතර එහි පැරණි සෙල්ලිපි ද දක්නට ලැබේ.